ඇමෙරිකාවේ විශාලම තර්ජනය සයිබර් ප්‍රහාරයන්ලු


වර්තමානයේදී ඇමෙරිකාවට ඇති බලවත්ම තර්ජනය විදෙස් රාජ්‍යයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් තම රට වෙත එල්ල වන සයිබර් ප්‍රහාර බව එරට රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

මෙසේ අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රහාර ඇමෙරිකානු ආර්ථිකයේ තරගකාරීත්වයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව එරට රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් පවසයි.

විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇති ඔහුගේ කාර්යාලය පෙන්වා දෙන්නේ සයිබර් ප්‍රහාර වෙනුවෙන් රුසියානු හමුදාව විශේෂ සයිබර් බලඇණියක්ද ස්ථාපිත කර ඇති බවයි.

එමෙන්ම, චීනය, ඉරානය හා උතුරු කොරියාවද ප්‍රමුඛ තර්ජනයන් ලෙස එම වාර්තාවෙන් පෙන්වා දෙයි.



Recommended Articles