ඇමෙරිකාවේ වර්ණභේදවාදී ගැටුම් - පොලිස් නිලධාරීන්ට වෙඩි


2014 වසරේදී ආයුධ රහිත කළු ජාතික තරුණයෙකු ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගෙන ඇමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයේ, ෆ්ර්ගසන් හි ඇති වූ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම වෙඩි තැබීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට සහ අනෙකාගේ උරහිසට තුවාල සිදුව ඇති බව ශාන්ත ලුවිස් පොලිස් ප්‍රධානී ජොන් බෙල්මර් පවසයි.

ඔවුන් දෙදෙනාම දරුණු ගණයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියත්, ඔවුන් මාරාන්තික තත්ත්වයෙන් මිදී ඇති බවද පොලිස් ප්‍රධානියා පවසයි.

ෆර්ගසන් පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ විරෝධතාවකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. වර්ණභේදවාදය මූලික කරගෙන කටයුතු කිරීමේ චෝදනා ගොනුවීම හේතුවෙන් ඔහුට ධුරයෙන් බවත් වීමට සිදුවිය



Recommended Articles