ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට සහාය දැක්වීමත්, ඇමෙරිකානු සොල්දාදුවන් මරාදැමීමට උත්සාහ කිරීමත් යන කරුණු සම්බන්ධයෙන් යේමන් ජාතිකයෙකුට ඇමෙරිකානු අධිකරණයකින් චෝදනා ගොනුකර තිබේ.
මෆිඩ් ඒ එල්ෆගී නමැති 30 හැවිරිදි මෙම යේමන් ජාතිකයා පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමිනි.
නිව්යෝක් නගරයේ රොචෙස්ටර් හි පදිංචිව සිටි මොහු ගිනි අවි දෙකක් මිලදී ගැනීමට උත්සාහ කළ බවටත් අධිකරණය සතුව සාක්ෂි පවතින බව බී.බී.සී.ය කියයි.
මැදපෙරදිග සිට පැමිණෙන ෂියා මුස්ලිම්වරු මෙන්ම, ඇමෙරිකානු හමුදා සාමාජිකයන් ඝාතනය කිරීමට මොහු සැලසුම් කර ඇති බවට අධිකරණය චෝදනා ගොනුකර තිබේ.