ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි


ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව (මහ බැංකුව) වසර 9කට පසුව මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නංවා තිබේ.

මෙය 2007-2009 කාලවකවානුවේදී මූල්‍ය අර්බුදයට ලක්වූ ඇමෙරිකානු ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ සංඥාවක් නිකුත් කරන්නක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රතිපත්ති සැලසුම් කමිටුව විසින් පොලී අනුපාතය 0.25% සිට 0.50% අතර පරාසයකින් ඉහළ නංවා ඇත.

මෙම පොලී අනුපාත වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොරතෙල් මිල වැඩිවීමේ හැකියාවක් මෙන්ම, ඩොලරයේ අගය වැඩිවීමේ හැකියාවක්ද පවතී.



Recommended Articles