ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ මගී පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 10කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මියාමි නගරයේ පිහිටි ෆ්ලොරීඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම මගී පාලම යට වාහන කිහිපයක් සිරවී ඇති අතර, එහි සිරවී සිටි පුද්ගලයන් බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දැරූ බවද කියැවෙයි.
මන්තීරු අටකින් යුතු ප්‍රධාන මාර්ගයක් හරහා වැටී තිබූ මෙම මගී පාලම කඩා වැටීමත් සමග ඒ අවස්ථාවේදී පාලම යටින් ගමන් කරමින් තිබූ මෝටර් රථ අටක් ඊට යටවී තිබේ.