ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පවුල් සැලසුම් මධ්‍යස්ථානයකට කඩා වැදුණු තුවක්කු කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පැය පහක පමණ මෙහෙයුමකින් පසුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලීසියට යටත් වී තිබේ.
තුවක්කුකරු හා පොලීසිය අතර වෙඩි හුවමාරුව සිදුවන විට බොහෝ දෙනෙකු ඒ වෙඩි හුමවාරුවට මැදිවී ඇති බවද කියැවෙයි.
සැකකරු උතුරු කැරොලීනාවේ පදිංචි රොබට් ලුවිස් ඩියර් යනුවෙන් හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොතිබුණි.