මධ්‍යම ලොස් ඇන්ජලීස් නුවර නිවාස අහිමි පුද්ගලයන් හා පොලීසිය අතර සිදුවූ පොර බැදීමකදී එම වැසියෙකු වෙත පොලීසියෙන් වෙඩි තබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
අසල වූ සී.සී.ටී.වී. කැමරාවක මෙම සිදුවීම පටිගත වී ඇති අතර, මෙම පුද්ගලයා හා පොලිස් නිලධාරීන් අතර දරුණු මට්ටමේ දබරයක් පැවති බව ඉන් පැහැදිලි වී තිබේ.
එහිදී, පොලිස් නිලධාරියෙකු ළඟ වූ තුවක්කුවක් උදුරා ගැනීමට මෙම පුද්ගලයා උත්සාහ කළ අවස්ථාවේදී සෙසු පොලිස් නිලධාරීන් විසින් ඔහු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බව පොලීසිය කියයි.
මානසික ආබාධයකට ප්‍රතිකාර ගැනීමෙන් පසුව නිවාස අහිමි අයෙකු ලෙස මහමග ජීවත් වී ඇති මොහු ඇෆ්‍රිකා යන නමින් හඳුනාගෙන තිබේ.