ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු පෙන්ටගන් නිලධාරියෙකු වන ඇෂ්ටන් කාර්ටර් පත්කිරීමට ඔබාමා කටයුතු කර තිබේ.
බිල් ක්ලින්ටන් පාලනය යටතේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර අත්දැකීම් ඇති ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකර ගත්තෙකි.
පසුගිය මාසයේ සිර ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ආරක්ෂක ලේකම් චක් හේගල් වෙනුවට ඇෂ්ටන් මෙම නව තනතුරට පත්කර තිබේ.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඇෂ්ටන්ගේ පත්වීම වෙනුවෙන් රිපබ්ලිකන් බහුතරයක් සිටින අමෙරිකානු සෙනට් මණ්ඩලයේ කැමැත්ත ලබාගත යුතුව තිබේ.