ඇමෙරිකාවේ දත්ත සොරකමට චෝදනා


ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් අනවසරයෙන් එකතු කරන ලද දත්තවලින් කොටසක් නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

දත්ත එකතු කිරීම එරට ව්‍යවස්ථාවට අනුකූල බවට 2013 වසරේදී ලබාදී තිබූ තීන්දුව අභියෝගයට ලක්කරමින් එරට දෙවැනි අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර තිබේ.

එම ඒජන්සියේ සේවය කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ගේ හෙලිදරුව් කිරීම් සමග ඇමෙරිකාවේ මෙම දත්ත හොරකම පිළිබඳව ලොව පුරා ආන්දෝලනයක් ඇති වූ අතර, ස්නොව්ඩන් මේ වනවිට රුසියාවේ රැකවරණය ලබමින් එරට රැඳී සිටියි.



Recommended Articles