ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ටෝනේඩෝ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති දරුණු චණ්ඩ මාරුතයන් නිසා මේ වනවිට මිය ගොස් ඇති පිරිස 26 දක්වා වැඩි වී තිබේ.
මේ අතර, ටෙක්සාස් හා ඔක්ලහෝමා යන ප්‍රාන්ත ඉතිහාසයේ වාර්තාගත හිම කුණාටුවකට මුහුණ දෙන බවත්, මේ වනවිට සෙන්ටිමීටර් 41ක හිම පතනයක් එම ප්‍රාන්ත දෙකෙන් වාර්තා වන බවත් කාලගුණ අංශ පවසයි.
මෙම ටෝනේඩෝ තත්ත්වය නිසා ටෙක්සාස් හි පල්ලි කඩා වැටී අතර, වාහන පෙරලී, ගස් මුලින්ම ඉදිරී ඇති බවද වාර්තා වෙයි.