ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රජා පාසලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු එම පාසලේම ඉගෙනුම ලැබූ සිසුවෙකු ලෙස පොලීසිය හඳුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පාසලේ ඉංග්‍රීසි භාෂා මාහාචාර්යරයෙකු හා තවත් අට දෙනෙකු මියගිය අතර, වෙඩි තැබීම සිදුකර ඇති ක්‍රිස්ටෝෆර් හාපර් මර්සර් නමැති සිසුවාද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකාවේ පාසල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදුවන මහා මනුෂ්‍ය සංහාරයන් අතරට අලුතින්ම එකතු වන මෙම සිදුවීම යළිත් වරක් එරට අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් විවාදයක් මතුකර ඇත.
මෙම ප්‍රහාරය සඳහා ඔහු ගිනි අවි 6ක්, මැගසීන් 4ක් හා ආරක්ෂිත කබායක්ද භාවිත කර ඇති බව කියයි.
මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානය රොස්බර්ග් නගරයට ආසන්න ස්ථානයකි.
මොහු භාවිත කර ඇති ගිනි අවි සියල්ලම නීත්‍යනකූලව ලබාගෙන ඇති බවත්, ඔහු කලක් පෞද්ගලික අවි හරඹ පාලසක අධ්‍යාපනය ලබා ඉන් ඉවත් කර ඇත්තෙකු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.