ඇමෙරිකාවේදී වෙඩි වැදී මියගිය පාකිස්ථාන දැරිය මිහිදන් කරයි


ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆි උසස් පාසලේදී විවෘත වෙඩි තැබීමකට ලක්ව මියගිය පාකිස්තාන ජාතික ශිෂ්‍යාවගේ අවමඟුල් කටයුතු එරට කරච්චි නුවරදී සිදුවේ.

සාබිකා ෂෙයික් නමැති 17 හැවිරිදි දැරිය එම විද්‍යාලයේදී වෙඩි තැබීමට ලක්ව මියගිය සිසුන් 8 දෙනාගෙන් කෙනෙකි.

ඇගේ සිරුර පසුගිය බදාදා පාකිස්තානය වෙත ගුවනින් රැගෙන ගිය අතර, ඇගේ අවමඟුලට සිය ගණනක ජනතාවක් සහභාගී වූ බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද පාසලේම ඉගෙනුම ලැබූ 17 හැවිරිදි දිමිත්‍රිඔස් පැගවුර්ටිස් ලෙස හඳුනාගෙන තිබුණු අතර, ඔහු සිසුන් තෝරාබේරා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද මේ වනවිට හෙළි වෙයි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, බොහෝ විට ඔහුට මරණීය දඬුවම නියම වනු ඇති බව විශ්වාස කෙරෙයි.

1_pakistan 2 3



Recommended Articles