ඇමෙරිකාවට බෝම්බ හිම කුණාටුවක් ඇවිත්


නැගෙනහිර ඇමෙරිකා එක්සත් ජනපදයට Bomb cyclone හෙවත්, දරුණු මට්ටමේ හිම කුණාටු තත්ත්වයක් බලපා ඇති බව විදෙස් වාර්තා පවසයි.

දැනට ජීවිත 11ක් අහිමි කළ සීත කාලගුණය හේතුවෙන් නැගෙනහි ඇමෙරිකානු කලාපයේ ජනජීවිතය බොහෝ දුරට අඩාල වී ඇත.

නත්තල් සමය සමග ආරම්භ වූ මෙම ප්‍රබල හිම තත්ත්වය අඛණ්ඩව දින 10කට වැඩි කාලයක් බලපා ඇති අතර, තවත් හිම කුණාටු ඇතිවීමේ අවදානමක් පවතින බවට කාලගුණ අංශ අනතුරු ඇඟවයි.

දැඩි සීත කාලගුණය මෙන්ම අනතුරුදායක සීත සුළං හේතුවෙන් කලාපයේ බොහෝදෙනා ශීතකරණයක බහා තැබූ අත්දැකීමක් විඳින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

2 3



Recommended Articles