ඇමෙරිකාවට පැමිණි ට්‍රක් රථයක මියගිය 8ක් සමග අසාධ්‍ය තත්ත්වයේ 20ක්


ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, සැන් අන්තෝනියෝ ප්‍රදේශයේ නවතා තිබූ ට්‍රක් රථයක පසුපස කොටසේ මියගිය පුද්ගලයන් 8දෙනෙකු ඇතුළු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු හමුවී තිබේ.

මෙම රථය කවර ප්‍රදේශයක සිට පැමිණ තිබුණේ දැයි පොලීසිය සඳහන් නොකළත්, රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පවසා තිබුණි.

අධික රස්නයෙන් මෙන්ම විජලන තත්ත්වයෙන් එහි සිටි බොහෝ දෙනෙකු පීඩා විඳ ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මෙය මිනිස් ජාවාරමක් සිදුකිරීමට යාමේදී සිදුවූ ඛේදවාචකයක් බව විශ්වාස කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇති බව පොලීසිය කියයි.

මේ අතර, ඇමෙරිකානු ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරමින් සිටින බවද පැවසෙයි.



Recommended Articles