ඇමෙරිකාවට නිවුන් පැන්ඩා උපතක්


ඇමෙරිකාවේ, වොෂිංටන් නුවර ජාතික සත්වෝද්‍යානයේ මෙයික්සියාන්ග් නම් පැන්ඩා සත්වයා අතිශය දුර්ලභ පැන්ඩා පැටවුන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇත.

මීට පෙර අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු මෙම ගැහැණු සත්වයා පැටවුන් දෙදෙනෙකු සහිතව ගර්භනී අවස්ථාවේ සිටින බව තහවුරු වී තිබුණි.

එකී, පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව පැටවුන් දෙදෙනාම ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව සත්වෝද්‍යාන බලධාරීහු පැවසූහ.

කෙසේ වෙතත්, මෙම පැන්ඩා පැටවුන්ගේ උපත කිසිදු බාධාවකින් තොරව සිදුවිය.

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ඉතා දරුණු ලෙස මුහුණ දී සිටින පැන්ඩා සත්වයන් සත්ව උද්‍යානවලදී පැටවුන් බිහිකිරීමද අතිශය දුර්ලභ අවස්ථාවකි.



Recommended Articles