ඇමෙරිකාවට එරෙහිව ඡන්ද දුන් අයට ආධාර කැපෙයිද?


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඇමෙරිකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන රටවලට ලබාදෙන මූල්‍යාධාර කපා හරින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත්,  ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස ඊයේ (22දා) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවට එම මණ්ඩලයේදී රටවල් 128ක සහාය පළ කෙරුණු අතර, ඊට ශ්‍රී ලංකාවද පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

පසුගිය 20 වැනිදා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, ඇතැම් රාජ්‍යයන් ඩොලර් මිලියන ගණනින් මෙන්ම, ඩොලර් බිලියන ගණනින් ඇමෙරිකාවෙන් මුදල් ලබාගෙන, ඇමෙරිකාවටම එරෙහිව ඡන්දය ලබාදෙන බවයි.

"ඔවුන් ඩොලර් මිලියන ගණනින් වගේම, ඩොලර් බිලියන ගණනින් අපෙන් මුදල් අරගෙන අපට විරුධව ඡන්දය දෙනවා.

හොඳයි, එසේ අපට විරුද්ධව ඡන්දය දෙන අය ගැන අපි බලාගෙනයි ඉන්නෙ. ඔවුන් අපිට විරුද්ධව ඡන්දය දුන්නාදෙන්. අපි ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ." ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

2



Recommended Articles