ඇමෙරිකාවට එරෙහි සටනකට මිලියන 5ක උතුරු කොරියානු තරුණයන් පිරිසක් ස්වෙච්ඡාවෙන් හමුදා සේවයට එක්වීමට සූදානමින් සිටින බව එරට රජයේ ප්‍රවෘත්ති සේවය පවසයි.
ඔවුන් පවසන්නේ ඇමෙරිකාව ලෝක සිතියමෙන් අතුගා දැමීම සඳහා න්‍යෂ්ටික බෝම්බ දියත් කිරීමට ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බවයි.
මීට පෙර උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් පවසා තිබුණේ තම ගිනි බලයෙන් ඇමෙරිකානු නායකයා මෙල්ල කරගැනීමට කටයුතු කරන බවයි.
උතුරු කොරියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉතා උණුසුම් වාග් සංග්‍රාමයක් සිදුවන වටපිටාවක මෙම කරුණු අනාවරණය වීමද විශේෂත්වයකි.
මේ තත්ත්වය තුළ උතුරු කොරියාවට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පවසා සිටියත්, මෙම දෙපාර්ශ්වයම පාදයක් ඉදිරියට තබන ආකාරයක්ද දක්නට නොලැබුණි.
මේ සඳහා චීනයේ බල පරාක්‍රමය හේතු විය හැකි අතර, මෙම කලාපයේ යුද්ධයක් ඇති වුවහොත් ඉන් කලාපයට සිදුවන ආර්ථික හානිය චීනය හොඳින් අවබෝධ කරගෙන සිටී.