ඇමෙරිකාවට එන යානාවල ලැප්ටොප් තහනම එමිරේට්ස් යානාවලට අදාළ නැහැල්ලු


ඇමෙරිකාවට ගමන් කෙරෙන ගුවන් යානාවල මගීන් සමග ලැප්ටොප් රැගෙන යෑමේ තහනම තම ගුවන් යානාවලට වලංගු නොවන බව එමීරේට්ස් ගුවන් සමාගම පවසයි.

පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකාව විසින් ලැප්ටොප් සහ අනෙකුත් විශාල ඉලෙක්ට්‍රොනික උපාංග බහුතර මුස්ලිම් ජනගහණයක් ජීවත්වන රටවල් 8ක සිට ඇමෙරිකාව වෙත ගෙනඒම තහනම් කරනු ලැබීය.

කෙසේ වෙතත්, එමිරේට්ස් සමාගම පවසන්නේ තමන් ඇමෙරිකානු බලධාරීන් සමග සම්බන්ධ වෙමින් වඩාත් ආරක්ෂිත නව නිර්ණායක පෙළක් යටතේ තම යානා තුළ එවැනි උපකරණ ගෙනඒමට සඳහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, තුර්කි ගුවන් සේවයද මේ ආකාරයෙන්ම තම යානා තුළද එම තහනම ඉවත් කරමින් කටයුතු කිරීමට සැරසෙන බව කියයි.



Recommended Articles