ඇමෙරිකාවටත් හදිසි ගංවතුර තත්ත්වයක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි එලිකොට් නගරයට පෙර නොවූවිරූ දරුණු ගංවතුර තත්ත්වයක් බලපා තිබේ.

ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ඒ ආසන්නයේ වූ පැටප්ස්කෝ ගංගාවේ ජලමට්ටම් වාර්තාගත ඉහළ යමින් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති කර තිබේ.

නගරයේ ඇතැම් ප්‍රදේශවල ගොඩනැගිලිවල ඉහළ මහළ දක්වා ජල මට්ටම් වාර්තා වූ බව සහන කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා පවසයි.

කෙසේ වෙතත්, මෙම ගංවතුර තත්ත්වයෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, පුද්ගල අතුරුදන් වීම්ද වාර්තා නොවන බව බලධාරීහු පවසති.

කෙසේ වෙතත්, නගරය හරහා ගලාගිය දැඩි ජල පහරේ මෝටර් රථ සෙල්ලම් කාර් රථ ගසාගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මීට වසර දෙකකට පෙරද මෙම ප්‍රදේශයට තරමක ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබුණු අතර, එහිදී පුද්ගල මරණ දෙකක් වාර්තා වී නිවාස හා ගොඩනැගිලි කිහිපයකට සිදුවූ අලාභානි සිදුව තිබුණි.

1_Flood 2 3



Recommended Articles