බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියෙකු වන ලූක් සොමර්ස් සහ දකුණු අප්‍රිකානු ජාතික ගුරුවරුයෙකු වූ පියරේ කොර්කි යේමනයේදී අල්කයිඩා ත්‍රස්තයන් අතින් මැරුම් කා ඇති බව වාර්තා වෙයි.
පසුගිය සෙනසුරාදා දිනයේදී ඔවුන් බේරාගැනීම වෙනුවෙන් ඇමෙරිකානු හා යේමන් විශේෂ බලකාය බටහිරදිග සහාබ්වා ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම අසාර්ථක වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මේ අමානුෂික ඝාතන තරයේ හෙලා දැක තිබේ.
අරාබි අර්ධද්වීපයේදී අල්කයිඩා සංවිධානය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.