ප්‍රථම මාස තුන තුළ ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන වේගය බලාපොරොත්තු වූවාට වඩා දුර්වල බව පවසමින් එම පුරෝකථන පහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව, මහා බ්‍රිතාන්‍යයේ 2.0%ක ආර්ථික වර්ධන පුරෝකථනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කර තිබුණත්, එය යළිත් 1.7% දක්වා පහළ දැමීමට ඔවුන් කටයුතු කර ඇත.
එමෙන්ම, ඇමෙරිකාවේ 2.3%ක ආර්ථික වර්ධන පුරෝකථනය 2.1% දක්වා පහළ දැමීමටද කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් ඔවුන් 2017 වසර සඳහා සිදුකර තිබූ 3.5%ක ආර්ථික වර්ධන පුරොකථනය සහ 2018 වසර සඳහා වූ 3.6%ක පුරෝකථනයන් හි වෙනසක් සිදුකර නොමැත.
එසේ නොවෙනස් ආර්ථික වර්ධන වේගයක් ලෝකය පුරා පැවතියත්, එය එක් එක් රටවල් ලෙස ගැනීමේදී ඔවුන් දක්වන දායකත්වයේ වෙනස්කම් සිදුවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.