ඇමෙරිකානු හමුදා යානා අනතුරින් 16ක් ජීවිතක්ෂයට


ඇමෙරිකාවේ, මිසිසිපි ප්‍රාන්තයේදී හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලීෆ්ලෝර් ප්‍රදේශයේ, ප්‍රාන්තයේ ජැක්සන් අගනුවරට කිලෝමීටර් 100ක් පමණ උතුරින් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මියගිය 16 දෙනාම ඇමෙරිකානු මෙරීන් භටයන් බවත්, සිද්ධියෙන් කිසිවෙකුත් දිවි ගලාවාගෙන නොමැති බවත් සඳහන් වෙයි.

මිසිසිපි ආණ්ඩුකාර ෆිල් බ්‍රයන්ට් පවසා සිටියේ මෙය අතිශය ඛේදනීය සිදුවීමක් බවයි.

මෙම අනතුරට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් වී නැතත් සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය විසින්ද විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව කියයි.



Recommended Articles