ඇමෙරිකානු හමුදාවට පච්චා විනයක්


තම ශරීරයේ ඇති පච්චා විලාසිතා වැඩිකර ගැනීමට සිතන ඇමෙකානු මැරීන් සෙබලුන්ට යළිත් වරක් ඒ පිළීබඳ සිතා බැලීමට සිදුව තිබේ.

ඒ ඇමෙරිකානු මැරීන් සෙබලුන්ගේ පච්චා විලාසිතා පිළිබඳ ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති නිසාය.

වෘත්තීය හමුදා සෙබලෙකු ලෙස පෙනී සිටීමේ සහ ඒ උරුමයේ ගුණාත්මක බවත්, හමුදා සාමාජිකයන්ගේ පෞද්ගලික ආසාවනුත් සමතුලිත කරනු වස් මේ ආකාරයෙන් පච්චා පිළිබඳ නීතියෙහි වෙනස්කම් සිදුකරන බව ඇමෙරිකානු හමුදාව පවසයි.

එහිදී, පිටු 12කින් යුතු විශේෂ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙමින්, මැරීන් සෙබලෙකු සිය ශරීරයේ පවත්වාගත යුතු පච්චා ප්‍රමාණය සීමා කිරීමත්, ඒවා පැවැත්විය යුතු ස්ථාන නම් කිරීමත් වඩාත් සවිස්තරව ඉදිරිපත් කිරීමටද ඇමෙරිකානු හමුදාව පියවර ගෙන තිබේ.

පසුගිය කාලය පුරාවට පච්චා විලාසිතා වඩාත් ප්‍රචලිත වීමත් සමග හමුදා සාමාජිකයන් තම සිතූ මනාපයට පච්චා කොටා ගැනීමට යාමෙන්, පච්චා පිළිබඳවද විනයක් පැනවීමට එරට හමුදාවට සිදුව තිබේ.



Recommended Articles