ඇමෙරිකානු වෙළෙඳ සමාගම් 2ක් ගිනිඅවි අලෙවිය සීමා කරයි


ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙඩි තැබීමේ සිදුවීමට පසුව එරට ප්‍රධාන වෙළෙඳ ආයතන දෙකක් ගිනි අවි අලෙවිය සම්බන්ධයෙන් නව සීමාවක් පැනවූ බව නිවේදනය කරයි.

පසුගියදා ෆ්ලොරිඩාවේ උසස් පාසලක සිදුවූ වීවෘත වෙඩි තැබීමෙන් එම පාසලේ සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම ආසන්නතම සිදුවීම එරට ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් යළි කතාබහක් ඇතිකරනු ලැබීය.

ඒ අනුව, රට පුරා වෙළෙඳ ආයතන 600ක පමණ ජාලයකින් යුතු ඩිකිස් ස්පෝර්ටින්ග් ගුඩ්ස් සමාගම නිවේදනය කළේ ස්වයංක්‍රීය රයිෆල් අලෙවි සිය වෙළෙඳ ජාලයේ සිදු නොවනු ඇති බවයි. එමෙන්ම, ගිනි අවි පාලනය සම්බන්ධයෙන් වූ නව ප්‍රතිසංස්කරණවලට තම සමාගම සහාය දක්වන බවද ඔවුන් කීය.

මීට අමතරව, ඇමෙරිකාවේ විශාලතම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන වෝල්මාට් නිවේදනය කළේ ගිනිඅවි මිලදී ගැනීමට ඇති අවම වයස අවුරුදු 21 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

1_Guns



Recommended Articles