ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් පහ කරමින්, සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ මයික් පොම්පේ රාජ්‍ය ලේකම් ධුරයට පත් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ට්විටර් පණිවුඩයක් මගින් ටිලර්සන් වෙත සිය ස්තූතිය පුද කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස ඔහු සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ බවයි.
එක්සන්මොබයිල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන ටිලර්සන්, මීට වසරකට පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්කරනු ලැබිණි.
ඉදිරියේදී උතුරු කොරියාව සමග ඇමෙරිකාව සිදුකිරීමට යන සාකච්ඡා මෙන්ම, විවිධ වෙළෙඳ සබඳතා සමග තම කණ්ඩායම ඉතා උසස් තලයක පැවතීම ට්‍රම්ප්ගේ අභිප්‍රාය වී ඇති බව මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිරය පවසා තිබේ.