ඇමෙරිකානු රජය නැවතත් ණය පැහැර හැරීමේ අර්බුදයක


මෙම මස අවසන් වීමට පෙර ඇමෙරිකානු කොංග්‍රසය එරට ණය ගැනීමේ සීමාව ඉහළ දැමීමට කටයුතු නොකළහොත්, එක්සත් ජනපද රජය ණය ගෙවීම් පැහැර හැරීමේ අර්බුදයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලෙව් අනතුරු ඇඟවීමක් කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදීද කොංග්‍රසය මේ ආකාරයෙන්ම ණය සීමාව ඉහළ නොදැමීමට කටයුතු කළ අතර, එවර ඇමෙරිකානු රජය වසා දැමීම දක්වා තත්ත්වය දරුණු විය.

භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කරන්නේ, පෙබරවාරි මස අවසන් වනතුරු පමණක් මෙම සීමාවන් බිඳ නොවැටී ආරක්ෂා කරගෙන සිටීමේ හැකියාව භාණ්ඩාගාරය සතු වුවත්, ඉන් අනතුරුව ඇමෙරිකාවට සිය ණය සහ සෙසු වගකීම් පියවීමට අතේ මුදල් තිබිය යුතු බවයි.

ඇමෙරිකානු කොංග්‍රසයේ වැඩි බලයක් රිපබ්ලිකන්වරු සතුවීම තුළ මෙම අර්බුදය මීට පෙරද ඇතිවූ අතර, සෙනට් මණ්ඩලයේ බහුතර බලය ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය වෙත පවතී.



Recommended Articles