ඇමෙරිකානු යුද නෞකාවක් වියට්නාමය වෙත ඓතිහාසික සංචාරයක


ඇමෙරිකානු ගුවන් යානා හාරක නෞකාවක් වන කාර්ල් වින්සන් නෞකාව වියට්නාමය වෙත ඓතිහාසික සංචාරයක නිරත වෙයි.

වියට්නාම යුද්ධය අවසන් වීමෙන් පසුව මේ ආකාරයේ දැවැන්ත යුද නෞකාවක් එරට වරායක් වෙත ළඟාවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

දෙරට අතර මේ වනවිට වර්ධනය වෙමින් පවතින ඒකාබද්ධ යුද ක්‍රියාකාරකම්වල උච්චතම අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.

කෙසේ වෙතත්, මෙය දකුණු චීන මුහුදේ ඇමෙරිකානු බලය ව්‍යාප්ත කරමින් චීනයට අනතුරු ඇඟවීමක් කරන අවස්ථාවක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම කලක් විරසකව යුද්ධ කළ ඇමෙරිකාව හා වියට්නාමය මේ ආකාරයෙන් එක්ව ක්‍රියා කළද, තම ප්‍රමුඛතම වෙළෙඳ හවුල්කරු මෙන්ම කලාපයේ බලවතා ලෙස සැලකෙන චීනය සතුරු කරගැනීමට වියට්නාමය අකැමැති බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_America 2



Recommended Articles