කොරියානු අර්ධද්වීපයේ කටයුතු කරන ඇමෙරිකනු යුද නෞකාවල සහායට ජපානයේ විශාලතම යුද නෞකාවද යවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජපානයේ විශාලතම යුද නෞකාව වන, හෙලිකොප්ටර් යානා ගොඩබැස්විය හැකි ඉසුමෝ යුද නෞකාව මෙසේ ජපානය විසින් දියත්කර ඇති අතර, ඇමෙරිකාවේ ගුවන්යානා හාරක නෞකාවක් වන කාල් වින්සන් යුද නෞකාව පෙරටු කරගත් සෙසු යුද නෞකාවලට යළි ඉන්ධන ලබාගැනීම සඳහා ජපාන නෞකාවේ සහාය හිමිවී තිබේ.
කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම උත්සන්න වනවිට උතුරු කොරියාව මීට පෙර පවසා තිබුණේ මෙම කාල් වින්සන් නෞකාව හා ඇමෙරිකාව විසින් එවා ඇති සබ්මැරීනය මුහුදේ ගිල්වන බවයි.
ඒ අතර, පසුගිය ඉරිදා දිනයේදී ඔවුන් අසාර්ථක මිසයිල අත්හදා බැලීමකද නිරත වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බලවත් ජාතීන් ඔවුන්ට මිසයිල අත්හදා බැලීම් නවත්වන ලෙස බල කර සිටින පරිසරයකය.