ඇමෙරිකානු ගුවන් යානයකදී තමන් අසල සිටි කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
තමිල්නාඩුවේ පදිංචි 34 වැනි වියෙහි පසුවන ප්‍රභූ රාමමූර්ති තම බිරිඳ සමගම එම යානයෙන් ගමන් කරමින් සිට ඇති අතර, ඔහු අසල සිටි අගතියට පත් කාන්තාව නින්දේ පසුවූ අවස්ථාවේදී මොහු අතවර කිරීමට උත්සාහ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනවශ්‍ය අතපත ගෑමක් නිසා තමන් නින්දෙන් අවදි වනවිට තමාගේ උඩකය ඇඳුමේ බොත්තම් මෙන්ම කලිසමේ බොත්තම් පවා ගලවා තිබූ බව අදාළ කාන්තාව චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ තමන් නිදි පෙත්තක්ද පානය කර එම අවස්ථාවේදී නින්දේ පසුවූ බවයි.
තාවකාලික වීසාවක් යටතේ ඇරමෙරිකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයා තම බිරිඳට සහ අගතියට පත් කාන්තාවට මැදිව ගුවන් යානයේ අසුන්ගෙන සිට ඇති අතර, අගතියට පත් කාන්තාව ජනේලය අසල අසුනේද, ඔහුගේ බිරිඳ අනෙක් අන්තයේ අසුනේද නින්දේ පසුවී ඇති අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බව කියැවෙයි.