ඇමෙරිකානු මාධ්‍යවේදියා ඝාතනය කළ බ්‍රිතාන්‍ය වැසියා දේශද්‍රෝහියෙක් - බ්‍රිතාන්‍යය


ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ඝාතක ISIS ඉස්ලාමීය අන්තවාදියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවට මේ වනවිට තහවුරු වෙමින් පවතින බැවින් මෙම තැනැත්තා දේශද්‍රෝහියෙකු ලෙස සමස්ත බ්‍රිතාන්‍ය ජාතියම එකහෙලා කියා සිටින බව එරට විදේශ ලේකම්වරයා පවසයි.

බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ෆිලිප් හැමන්ඩ් පවසන්නේ මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජය මෙම අමානුෂික දෘෂ්ටිවාදීන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බවයි.

ඔහු අවධාරණය කරන්නේ මොවුන් බ්‍රිතාන්‍යයට බලවත් තර්ජනයක් විය හැකි බවයි.

සිය රජයේ අදහස ගෙනහැර දක්වමින් ඔහු පවසන්නේ ඉරාකයේ හා සිරියාවේ ක්‍රියාත්මක අන්තවාදීන්ගේ බලපෑම සුළුවෙන් තැකිය හැකි නොවන බවයි.



Recommended Articles