ඇමෙරිකානු භාණ්ඩ 128කට චීනය සියයට 25ක් බදු ගසයි - දෙරටේ වෙළෙඳ යුද්ධයක්


චීනය විසින් ඇමෙරිකාවෙන් පළි ගැනීමේ අදහසකින් ඇමෙරිකාවෙන් සිදුකරන ආනයන වෙත නව බදු හඳුන්වාදීමක් සිදුකර ඇති බවට ධවල මන්දිරය චෝදනා කරයි.

ඇමෙරිකාවෙන් චීනයට ආනයනය කරන ඌරු මස්, වයින් ඇතුළු තවත් ඇමෙරිකානු ආනයන 128ක් වෙත 25%ක බදු වැඩි කිරීමක් චීනය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාර්තු මස මුලදී වානේ සහ ඇලුමීනියම් සඳහා නව බදු හඳුන්වාදීමට එකට එක කිරීමක් ලෙසින් බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, චීනය පවසන්නේ ඔවුන් මේ ආකාරයේ බදු වැඩි කිරීමක් සිදුකළේ ඔවුන්ගේ වෙළෙඳ පොළ ආරක්ෂාවට මෙන්ම, ඇමෙරිකාව පනව ඇති නව බදු හේතුවෙන් දෙරටේ වෙළඳ ශේෂයෙහි ඇතිවිය හැකි පාඩුව අවම කරගැනීමට බවයි.

කෙසේ වෙතත්, චීනයේ මෙම ක්‍රියාවත් සමගග ඇමෙරිකානු මෙන්ම ආසියානු කොටස් වෙළෙඳ පොළද යම් දෙදරීමකට ලක්විය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ධවල මන්දිරය පවසන්නේ චීනය සම්පූර්ණයෙන්ම ගෝලීය වෙළෙඳ පොළ විකෘති කිරීමකට ලක්කරමින් සිටින බවයි.

1_China



Recommended Articles