ඇමෙරිකානු බී-1බී ප්‍රහාරක යානා ද.කොරියානු අහසේ


ඇමෙරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව එක්ව පවත්වන ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසය එදාමෙදා තුර දෙරට එක්ව පවත්වන දැවැන්තම ගුවන් ඒකාබද්ධ අභ්‍යාසය සේ සැලකෙයි.

මෙම අභ්‍යාසය සිදුවන අතරවාරයේදී ඇමෙරිකාවට අයත් බෝම්බ හෙලන යානා අතර ප්‍රබලතම යානාව වන බී-1බී යානය දකුණු කොරියාවට ඉහළ අහසේ පියාසර කිරීමද උතුරු කොරියාව වෙත කළ අනතුරු ඇඟවීමක් මෙන් විය.

මෙම විශේෂ ගුවන් යානය යුද්ධයකදී මාරාන්තික ප්‍රහාර එල්ල කරන අති බිහිසුණු ප්‍රහාරක යානයක් සේ සැලකෙයි.

උතුරු කොරියාව සිය නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමත් සමග මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව හා දකුණු කොරියාව පවත්වයි.

උතුරු කොරියාවේ එම නවතම මිසයිලය ඇමෙරිකාව වුවද සුණුවිසුණු කිරීමේ හැකියාවක් ඇති මිසයිලයක් බව පැවසීමත් සමග දෙරට අතර උණුසුම මේ ආකාරයෙන් යළිත් උත්සන්න වී තිබේ.

කෙසේ වෙතත්, මෙම යුද අභ්‍යාසය අඥාන ක්‍රියාවක් බව රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් පවසන අතර, මෙය අනවශ්‍ය ආකාරයෙන් උතුරු කොරියාව ප්‍රකෝප කරන අභ්‍යාසයක් බව ඔහු අවධාරණය කරයි.

1_US 2



Recommended Articles