ඇමෙරිකානු පොලීසියෙන් 20 හැවිරිදි තරුණියකට මුෂ්ටි ප්‍රහාර


ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේදී කාන්තාවක අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරියෙකු එම කාන්තාවගේ හිසට මුෂ්ටි ප්‍රහාර එල්ල කරන වීඩියෝවක් අනාවරණය වීමත් සමග ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.

විඩ්වුඩ් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු 20 හැවිරිදි වියේ පසුවන එමිලි වෙයින්මන් නමැති තරුණිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අවස්ථාවේදී පොලීසිය මෙම තැතිගන්වනසුළු හැසිරීම පේනවා ඇත.

වෙරළ තීරයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම යන චෝදනා යටතේ මෙම තරුණිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බව කියැවෙයි.

මේ වනවිටත් එම පොලිස් නිලධාරිනීගෙන් දෙදෙනෙකු සාමාන්‍ය පොලිස් සේවයෙන් තාවකාලිකව ඉවත් කර, පරිපාලන සේවය සඳහා පමණක් අනුයුක්ත කර ඇති බව පොලීසිය පවසයි.

32



Recommended Articles