ඇමෙරිකානු ප්‍රහාරක යානා උ. කොරියාවට සමීප වෙයි


ඕනෑම අවදානමකට මුහුණදීම සඳහා සැරසී සිටින තම යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ කලාපය සමීපයට පියාසර කර තිබේ.

මේ ආකාරයෙන් උතුරු කොරියාව සමීපයට සිය ප්‍රබලතම යුද ප්‍රහාරක යානා පිටත්කර යැවීමෙන්, ඕනෑම තරජනයක් පරාජය කිරීම සඳහා ඇමෙරිකාව සතුව විවිධ හමුදා ක්‍රියාමාර්ග පවතින බව ප්‍රදර්ශනය කළේ යැයි පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩානා වයිට් නිවේදනය කරයි.

උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදුකරන ලද මිසයිල අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෙරට අතර වඩාත් උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබේ.

මේ බොහෝ අවස්තාවල දෙපාර්ශ්වය විසින් කටින් ගැටුමක නිරත වුවද, ඔවුන් මෙතෙක් මුහුණට මුහුණ සටනකට එළඹ නැත.

එහෙත්, පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් උතුරු කොරියානු නායකයා සියදිවි හානිකර ගැනීමේ අභ්‍යාසයක නිරතව සිටින බවට ඇමෙරිකානු නායකයා පවසා සිටි අතර, ඉන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව පවසා තිබුණේ ඇමෙරිකානු නායකයාගේ කතාව බල්ලෙකුගේ බිරීමක් පමණක් බවයි.

මේ තත්ත්වය තුළ 21 වැනි සියවසේදී ඕනෑම අමෙරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළාසන්නයට ආසන්න යුද මුක්ත කලාපයේ, උතුරු ප්‍රදේශයේ පියාසර කළ සමීපතම අවස්ථාව මෙය බවත්, උතුරු කොරියාවේ සාහසික හැසිරීම තමන් කෙතරම් බැරෑරුම් ලෙස සලකන්නේ දැයි මෙම යුද අභ්‍යාසයෙන් උතුරු කොරියාවට ඒත්තු ගන්වන බවත් පෙන්ටගන් ප්‍රකාශිකාව වැඩිදුරටත් පවසා සිටියාය.

1_US Bombs0 1_US Bombs NKOREA-SKOREA-MISSILE-DIPLOMACY



Recommended Articles