ඇමෙරිකානු ප්‍රහාරක යානයට චීනය කොකා පෙන්වලා


චීනයට නැගෙනහිරින් වූ හයිනාන් දූපත් ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක නිරත ඇමෙරිකානු ප්‍රහාරක යානයක් ආසන්නයට හිටි හැටියේම චීන ප්‍රහාරක යානයක් ළඟා වීමෙන් පෙන්ටගනය කුපිත වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පෙන්ටගනය පෙන්වා දෙන්නෙ චීන ප්‍රහාරක යානය පැදවූ ගුවන් නියමුවා අනාරක්ෂිත හා වෘත්තීයමය නොවූ ක්‍රියාවක් පෙන්නුම කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් චීනය වෙත තම බලවත් විරෝධය දක්වන බවද ඇමෙරිකාව කියයි.

ඔහු පෙන්වා දෙන පරිදි චීන ප්‍රහාරක යානය ඇමෙරිකානු යානයට මීටර් 10ක් පමණ ආසන්නයට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, මෙය පසුගිය මාර්තු මාසයේ සිට ඇමෙරිකානු ගුවන් යානා මුහුණ දුන් සිව්වැනි අවස්ථාව වෙයි.

නමුත්, චීනය මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.



Recommended Articles