ඇමෙරිකානු නායයෑමෙන් 14ක් නසී -176ක් අතුරුදන්


ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ ඇති වූ දරුණු නායයෑමක් හේතුවෙන් මේ වනවිට ජීවිත 14ක් අහිමිව ඇති බවත්, තවත් පුද්ගලයන් 176 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවත් වර්තා වෙයි.

වොෂිංටන් ප්‍රාන්තයේ, සීට්ල් නගරයට උතුරින් වූ, ඕසෝ ගම්මානය යටකරමින් මීටර් 54ක පමණ මඩ දහරාවක් පැමිණීමෙන් මෙම අවාසනාවන්ත ව්‍යසනය සිදුව තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට මුදවා ගැනීමේ කණ්ඩායම් ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර, ලේසර් ඡායාරූප තාක්ෂණයන් හා හෙලිකොප්ටර් යොදාගනිමින් ඔවුන් දිවා රෑ නොබලා අතුරුදන් පුද්ගලයන් සෙවීමේ කටයුතුවල නිරතව සිටින බවද පවසයි.

මේ අතර, මුදාගැනීමේ කණ්ඩායම් අවධාරණය කරන්නේ, සිය මෙහෙයුම් අඛණ්ඩව සිදුකර ගෙන ගියද, දිවි බේරාගත්තවුන් පිළිබඳ විශාල බලාපොරොත්තුවක් නොමැති බවය.

නායයෑමත් සමග මෙම නගරයට ඉහළින් පිහිටි කන්දක අඩක් පමණ සම්පූර්ණයෙන්ම පහළට රූරා පැමිණ ඇති අතර, මීට පෙර පැවති අධික වර්ෂා තත්ත්වය මේ දරුණු නායයෑමට හේතුවී තිබේ.

 



Recommended Articles