ඇමෙරිකානු දෙමවුපියන් හිලරිට එරෙහි නැගිටියි


ලිබියාවේ, බෙන්ගාසි නගරය වෙත 2012 වසරේදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකානුවන් දෙදෙනෙකුගේ දෙමවුපියන් විසින් එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ට එරෙහිව අධිකරණය වෙත ගොස් තිබේ.

පැට්‍රීෂියා ස්මිත් සහ චාල්ස් වුඩ්ස් නමැති මෙම දෙමවුපියන් මෙසේ නඩු මගට ගොස් තිබුණේ, එම ප්‍රහාරයෙන් මිය ගිය සීන් ස්මිත් සහ ටයිරොන් වුඩ්ස් යන දරුවන් දෙදෙගේ මරණයට හිටපු රාජ්‍ය ලේකම්වරියගේ නොසැලකිලිමත්භාවය හේතු වී ඇති බව කියයි.

ඔවුන් එම අධිකරණ ක්‍රියාමාර්ගයේදී පෙන්වා දී ඇත්තේ එවකට රාජ්‍ය ලේකම් හිලිරි පෞද්ගලික ඊමේල් ගිණුමක් භාවිත කිරීම තුළ ඔවුන්ගේ දර්වන්ගේ මරණයට පාර කැපී ඇති බවයි.

එමෙන්ම මාධ්‍ය තුළින් ප්‍රකාශයක් ලබාදෙමින් ඇය තම දරුවන්ට අපකීර්තියක් එක්කර ඇති බවටද මෙහිදී චෝදනා නැගී ඇත.

2012 වසරේදී ඉස්ලාමීය අන්තවාදීන් විසින් බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ප්‍රහාරයක් එල්ල කර අතර, මින් ඇමෙරිකානුවන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එසේ මියගිය අය අතර ඇමෙරිකානු තානාපති ක්‍රිස් ස්ටීවන්ස් ද විය.



Recommended Articles