ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී මගී දුම්රියක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
නිව්යෝක් නගරයට කිලෝමීටර් 32ක් පමණ ඔබ්බෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී දුම්රියේ මගීන් 800ක් පමණ ගමන් කරමින් සිටි බව කියයි.
ජීප් රථය පැදවූ කාන්තාවද එම අනතුරින් මරණයට පත්ව ඇති අතර, සෙසු හයදෙනා දුම්රියේ ගමන්කළ මගීන්ය.
මෙම අනතුරත් සමග දුම්රියේ ඉදිරිපස පෙට්ටිය හා ජීප් රථය ගිනිගෙන ඇති බවද වාර්තා වෙයි.