ඇමෙරිකානු ජාතික ආරක්ෂක සැලැස්ම චීන-රුසියා උදහසට


ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සැලසුම පසුගිය 18දා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එළිදක්වන ලදී.

කෙසේ වෙතත්, මෙම සැලසුම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් පවසන්නේ එමගින් තම රාජ්‍යයන් එදිරිවාදීන් ලෙස නිරූපණය කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇති බවයි.

මෙහිදී, අදහස් දක්වා සිටි ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පෙන්වා දුන්නේ එම සැලසුම අධිරාජ්‍යවාදී සැලසුමක් බව බැලූ බැල්මටම විද්‍යමාන වන බවයි.

ලෝකයේ සුපිරි බලවතා තමන් යන මතයේ එල්බ එය නිර්මාණය කර ඇති බවද රුසියානු ප්‍රකාශකයා පවසයි.

මේ සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඇමෙරිකාව තවමත් සීතල යුද මානසිකත්වයක සිටින බව එම සැලසුමෙන් පිළිබිඹු වන බවයි.

මෙහි අහිතකර බලපෑම ඇමෙරිකාවට පමණක් නොව, ලෝකයේ සෙසු රටවලටද විඳින්නට සිදුවනු ඇති බව චීනය පෙන්වා දී තිබේ.

මෙම රාජ්‍යයන් දෙකම අවධාරණය කරන්නේ තම රටවලින් ඇමෙරිකාව වෙත තර්ජනයක් නොපවතින බවයි.

1_us-war-china-russia-761450 1_China us_russia_0



Recommended Articles