ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාමය ගොඩනැගීම සඳහා සිදුකළ හැකි සෑම දෙයක්ම ඉටුකිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රථම විදෙස් සංචාරයේ මැදපෙරදිග ගත කරන අවසන් දිනයේදී ඔහු පලස්තීන නායක මහමූද් අබ්බාස් අද (23දා) හමුවූ අවස්ථාවේදී ට්‍රම්ප් මෙම අදහස් දැක්වීය.
පලස්තීන සංචාරයට පෙර ඊයේ (22දා) ඊශ්‍රායලය වෙත පැමිණි ජනපති ට්‍රම්ප් එහිදී ඊශ්‍රායල් නායකයා සමගද සාකච්ඡා පැවැත්වීය.
ඊශ්‍රායලය හා පලස්තීනය දැනට වසර තුනකට අධික කාලයක සිට කිසිදු සෘජු සාකච්ඡාවකට සහභාගී වී නොතිබුණු අතර, මොවුන් දෙපාර්ශ්වය එක මේසයකට ගෙන ඒම තමා මුහුණදෙන අතිශය අසීරු ගනුදෙනුවක් වනු ඇති බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම දෙපාර්ශ්වය සාමය වෙත කැඳවා ගැනීමට ඇමෙරිකාවට ශක්තිය පවතින බව තමා බලවත් සේ විශ්වාස කරන්නේ යැයි ට්‍රම්ප් අවධාරණය කළේය.
එමෙන්ම, අළුයට ගිනිමෙන් නිරන්තර විරසරයක සිටින මේ දෙපාර්ශ්වය සාමයට කැඳවීමේ ගනුදෙනුව අතිශය අසීරු ගනුදෙනුවක් වුවත්, මෙය යථාර්ථයක් කරගැනීමට හැකි වනු ඇති බවද ඔහුගේ විශ්වාසය බව සඳහන් කෙරිණි.
මේ අතර, වෙස්ට්බෑන්ක් හා ගාසා යන ස්ථාන දෙකෙහිම පලස්තීන තරුණයන් ට්‍රම්ප්ගේ පැමිණීමෙන් උදහසට ලක්ව සිටි අතර, ඔවුන් ඊට විරෝධය පාමීන් උද්ඝෝෂණ පවා සංවිධානය කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.