ඇමෙරිකානු ගුවන්තොටුපළවල විශේෂ ඉබෝලා පරීක්ෂණ


ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වනවිට ජීවිත 4,000ක් පමණ බිලිගැනීමත් සමග ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපොළේ සියලුම පිවිසුම්වල විශේෂ පරීක්ෂණ මෙවලම් සවිකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ලයිබිරීයාව, සියෙරා ලියෝන් සහ ගිනියා යන රටවලන් පැමිණෙන මගීන්ට එම උෂ්ණත්ව මාපකයන් හරහා ගමන් කිරීමට සිදුවන අතර, එහිදී ඔවුන්ගේ තත්ත්වයන් සමග ප්‍රශ්න රැසකට පිළිතුරු සැපයීමටද ඔවුන්ට සිදුවනු ඇති බව කියැවෙයි.

එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ ඔහාරේ, නෙවාක්, වොෂිංටන්ස් ඩලස් සහ ඇට්ලන්ටාස් යන ගුවන්තොටුපොළවලද මෙම පිරික්සුම් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය බදාදා ඉබෝලා වෛරසය ශරීරගත වීමෙන් ප්‍රථම පුද්ගල මරණය සිදුවීමද ඇමෙරිකාව මෙවැනි ආරක්ෂිත පියවරක් ගැනීමට හේතුව ලෙස සැලකෙයි.

 



Recommended Articles