ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් නිලධාරීන් 16ක් නසී


ඇෆ්ගනිස්ථානයේ, උතුරුදිග හෙල්මන්ඩ් ප්‍රදේශය වෙත ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගෙරේෂ්ක් දිස්ත්‍රික්කයේ තලේබාන් ත්‍රස්තයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කළ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

නේටෝ සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් මියගිය ඇෆ්ගන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැති නේටෝ සංවිධානය ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වී ඇත.

මේ අතර, එම ප්‍රදේශයේම මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළ තම නායකයාගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බවද තලේබාන් සංවිධානය නිවේදනය කර තිබේ.



Recommended Articles