නැගෙනහිර චීන මුහුදට ඉහළින් පියාසර කළ ඇමෙරිකානු ගුවන් යානයකට චීන ප්‍රහාරක යානා දෙකකින් බාධා එල්ල වී ඇති බව ඇමෙරිකාව චෝදනා කරයි.
මෙය වෘත්තීය නොවන ආකාරයේ හැසිරීමක් බව පවසන ඇමෙරිකානු බලධාරීන් එම යානා තම යානයට මීටර් 45ක් පමණ ඔබ්බෙන් ගමන් කළ අවස්ථා මෙන්ම, තම යානයට ඉහළින් උඩුකුරුව ගමන් කළ අවස්ථා පැවති බවද ඔවුහු පවසති.
විකිරණශීලීතාව මැන බැලීමේ ක්‍රියාන්විතයකට නැගෙනහිර චීන මුහුදට ඉහළින් ජාත්‍යන්තර ගුවන් කලාපයේ ගමන් කළ තම යානයකට මෙම බාධා කිරීම සිදුව ඇති බව ඇමෙරිකාව පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් චීනය දක්වා නොමැති වුවත්, තම ගුවන් කලාපයට ඉහළින් ඇමෙරිකානු යානා පියාසර කිරීම සම්බන්ධයෙන් චීනය නොයෙක් වර තම විරෝධය පෑ බව නොරහසකි.