ඇමෙරිකානු ගගනගාමියා උඩුගුවනේදී ඡන්දය දමයි


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනායේ සිටින ඇමෙරිකානු ගගනගාමී ෂේන් කිම්බ්‍රෝ මීට දින කිහිපයකට පෙර අභ්‍යවකාශයේ සිට සිය ඡන්දය ප්‍රකාශ කළ බව නාසා ආයතනය පවසයි.

එමෙන්ම, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කලින් සිටි කේට් රූබින්ස් මීට සතියකට පෙර පෘතිවිය කරා පැමිණීමට පෙර සිය ඡන්දයද අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටියදීම ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, මිලියන 2.6ක් පමණ වන විදේශගත ඇමෙරිකානුවන්ගේ ඡන්දයද මැතිවරණය සඳහා වලංගුය. එනමුදු, මීට පෙර පැවති මැතිවරණවලදී ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහළ මට්ටමක පැවතී තිබේ.



Recommended Articles