ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළ පහළ යෑමත් සමග සතිය අවසානයේදී ආසියානු කොටස් වෙළෙඳ පොළ තුළද යම් පසුබෑමක් පෙන්වන බව විදෙස් වාර්තා පවසයි.
ක්ෂණික වෙනස්කම් පෙන්වූ සතියක් ලෙස සැලකෙන ගෙවීයන සතියේ ජපානයේ නිකී 225 දර්ශකය 3.2%ක පහළ යෑමක් පෙන්වා ඇති අතර, චීනයේ ෂැංහයි කොම්පොසයිට් දර්ශකයේ 5%ක පහළ යෑමක් පෙන්වා ඇත.
මේ ආකාරයෙන් ගෝලීය කොටස් වෙළෙඳ පොළ තුළ පෙන්වන කඩා වැටීම හේතුවෙන් පොලී අනුපාතවල සැලකිය යුතු ඉහළ යෑමක් සිදුවනු ඇති බවට අනතුරු ඇඟවී තිබේ.
අද (10දා) වනවිට හොංකොං හැන්ග් සෙන්ග් 3.8%ක්, දකුණු කොරියාවේ කොස්පි 1.9%ක් සහ ඔස්ට්‍රේලියාවේ එස් ඇන්ඩ් පී/ඒ එස් එක්ස් 1.2%ක් ලෙස දර්ශකයන්හි පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.