ඇමෙරිකානු ආරක්ෂක දත්ත රැසකට චීන හැකර් ප්‍රහාරයක්


ඇමෙරිකානු නාවික හමුදාවේ කොන්ත්‍රාත් සමාගමක් චීන රජයේ හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට FBI ආයතනය පරීක්ෂණ අරඹා තිබේ.

සුපර්සොනික් මිසයිල ව්‍යාපෘතියකට අදාළ සැලසුම් දත්ත ඇතුළු අතිශය සංවේදී තොරතුරු රැසක් මෙහිදී සොරාගෙන ඇති බව වොෂිංටන් පෝස්ට් පුවත්පත අනාවරණය කරයි.

මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි යන කාලය තුළ මෙම හැකර් ප්‍රහාරය සිදුව ඇති බව සී.බී.එස්. පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකානු ආරක්ෂක අංශ සමග ඒකාබද්ධව කටයුතු කරන මෙම කොන්ත්‍රාත් සමාගම සබ්මැරීන් සහ ගැඹුරු මුහුදේ යාත්‍රා සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකරන ආයතනයක් බවද කියැවෙයි.

මේ අතර, හිටපු ඇමෙරිකානු බුද්ධි නිලධාරියෙකු විසින් අතිශය සංවේදී බුද්ධි තොරතුරු රැසක් චීනය වෙත ලබාදී ඇති බවට වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

1_China hacker 1_China



Recommended Articles