ඇමෙරිකානු අවමංගල්‍ය ශාලාවක මිනියක් නැගිටලා


මියගිය බවට වෛද්‍යවරු සහතික කළ වයස අවුරුදු 78ක ඇමෙරිකානු ජාතිකයෙක් අවමංගල්‍ය ශාලාවට ගෙනඒමෙන් පසුව මියගිය පුද්ගලයා නැගී සිටි ප්‍රවෘත්තියක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

වෝල්ටර් විලියම් නමැති මෙම තැනැත්තා මියගිය බව වෛද්‍යවරු සහතික කර තිබුනේ පසුගිය බදාදාය. එහිදී, ඔහුගේ නාඩි වැටීම සම්පූර්ණයෙන් නැවතී ඇති බව වෛද්‍යවරු පැවසීය. අවසානයේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මේ තැනැත්තා මිසිසිපි ප්‍රාන්තයේ පෝටර්ස් ඇන්ඩ් සන්ස් අවමංගල්‍ය ශාලාව වෙත රැගෙන යනු ලැබීය.

එහිදී, ඔහුගේ මෘත දේහය එම්බාම් කිරීම සඳහා අවමංගල්‍ය ශාලාවේ සේවකයන් සැරසෙන විට මියගිය තැනැත්තා ඔහු රඳවා සිටි උරය තුළ දඟලන්නට විය. එක්වරම දුටු මේ දසුනින්, සේවකයන් කලබලයට පත්වුවත්, අවසානයේදී සියලුම සේවකයන් පැමිණි සිදුවී ඇත්තේ කුමක්ද යන්න සොයා බලා තිබේ.

"ඔහු මිය ගිහින් නැහැ. මේ වගේ අත්දැකීමක් මගේ ව්‍යාපාර දිවියේදී කිසිම දවසක ඇතිවෙලත් නැහැ" යනුවෙන් පවසා සිටියේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයාය.

අවසානයේදී මේ තැනැත්තා නැවතත් වහාම රෝහල් ගත කර ඇති අතර, මේ වනවිට ඔහු සුවෙන් පසුවන බව ඇමෙරිකානු වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles