ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බේසෝස් මේ වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස බිල් ගේට්ස් පසුකර සිටියත් ඔහු ඉතිහාසයේම ලොව ධනවත් පුද්ගලයාද යන සැකය තුඩු දී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ඇ.ඩො.බිලියන 105.1ක වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියමින් ඔහු ලොව අංක එකේ ධනවතා බවට විවාදයක් නොමැති බව කියැවෙයි.
2018 වසරේ පළමු වැනි සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ තුළ දැකිය හැකි වූ ඉහළ නැගීමත් සමග ජෙෆ් බේසෝස්ගේ වත්කම් ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් ඔහුව ධනවත් ලැයිස්තුවේ ඉහළට එසවීය.
ප්‍රමුඛතම අන්තර්ජාල සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස ප්‍රකට ඇමසෝන් සමාගමේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක හිමිකාරීත්වය ජෙෆ් දරණ අතර, එම සමාගමේ කොටසක අගය 2017 වසරේදී 56%කින් වර්ධනය වීම ඔහුගේ වත්කම් පසුගිය කාලය පුරා වර්ධනයට ඉහළ දායකත්වයක් සපයා තිබුණි. එමෙන්ම, නව වසර ආරම්භයේදීද එහි 6% ඉක්මවූ වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳ පොළ දත්ත පවසයි.
කෙසේ වෙතත්, ඉතිහාසයේ ධනවත්ම පුද්ගලයා යන විරුධාවලිය තවමත් ජෙෆ් සතු නොවන බවට විශ්වාස කෙරෙන අතර, එය තවමත් බිල් ගේට්ස් සතු වන බව විශ්වාස කෙරෙයි.