ගිණිකොණදිග ආසියාව තුළ සිය බලය පතුරුවමින් ඇමසෝන් සමාගමේ සුවිශේෂී Prime Now සේවා ජාලය සිංගප්පූරුව වෙත ව්‍යාප්ත කර තිබේ.
කලාපය තුළ වඩාත් ප්‍රබල සේවාවක් සපයන අලිබබා සමග සටනක නිරත වෙමින් ඇමසෝන් මෙම පියවර ගෙන ඇති අතර, කලාපය තුළ ජීවත් වන මිලියන 600ක පමණ ජනතාව ඔවුන්ගේ ඉලක්කය බව කියයි.
එහිදී, අල්බබා සමග ඇමසෝන් සමගම කරටකර තරගයක යෙදෙන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
නිවසේ එදිනෙදා පාවිච්චියට ගැනෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ සිට ගෘහ විදුලි උපකරණ දක්වා සියලු උපකරණ පැය දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයා අතට පත්කිරීම මෙම සේවාවේදී ඇමසෝන් බලාපොරොත්තු වෙයි.