ඇඳුම් පිළිබඳ දැඩි ඉස්ලාමීය නීති පිළිනොපැදි කාන්තාවන්ට ඉරානයේදී ඇසිඩ් ප්‍රහාර


ඉරානයේ කාන්තාවන් ඉලක්ක කරමින් පසුගිය සතිය පුරා ක්‍රියාත්මක වූ ඇසිඩ් ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව එරටින් වාර්තා වෙයි.

ඉරානයේ තෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන ඉස්ෆාහ්න් නගරයෙන් මෙවැනි ඇසිඩ් ප්‍රහාර පිලිබඳ සිදුවීම් හතරක් වාර්තා වූ බවත්, සෙසු පළාත්වලින් තවත් සිදුවීම් 11ක් පමණ වාර්තා වූ බවත් කියැවෙයි.

එරට රජය විසින් මේ සම්බන්ධයෙන් නිල තොරතුරු ලබා නොදුන්නද, සමාජජාල හරහා සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. ඔවුන් පවසන්නේ, කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් වූ දැඩි නීති නොපිළිපදින කාන්තාවන් ඉලක්ක කර මෙම ඇසිඩ් ප්‍රහාර එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙසේ ඇසිඩ් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩනය හිමිවන බවද එරටින් වාර්තා වෙිය.

ඉරානය තුළ කාන්තාවන් ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳිය යුතු අතර, විශේෂයෙන් ඔවුන්ගේ හිසකෙස් ආවරණය කළ යුතුය.



Recommended Articles